අසීරු ස්ථානවලදී ප‍්‍රීතිය
මාගේ දුරකථන පණිවුඩය ගැනීමට නොහැකිවූ විට මගේ් මිතුරියගේ හඬ පටිය මට ආරාධනා කළේ පණිවුඩයක් තැබීමටය. හඬ පටිය සතුටින් අවසන් වූයේ "මෙය ශ්‍රේෂ්ඨ දිනයක් කර ගන්න" කියාය. මා ඇයගේ වචන ගැන නැවත සිතා බලන විට සෑම දිනයක්ම "ශ්‍රේෂ්ඨ" කිරීමට හැකියාවක් අප තුළ නැති බව මට සිතේ. සමහර සිදුවීම් ඛේදනීයය. නමුත් සමීපව බලන විට සෑම දෙයක්ම හොඳින් හෝ නරකින් හෝ සිදුවූවත් එම…
ආයෝජනයේ ප‍්‍රතිඵල
1995 දී එක්සත් ජනපද කොටස් වෙළඳ පොළ ආයෝජකයන්ට වාර්තාගත ලාභ ලැබුණි. සාමාන්‍ය වශයෙන් ඩොලරයකට 37.6 ක ප‍්‍රතිශතයකි. නමුත් 2008 දී ආයෝජකයන් ඊට සමානව සියයට 37 ක ප‍්‍රතිශතයක් පාඩු ලැබුවෝය. වෙළඳ පොළේ මුදල් ආයෝජනය කළ අයට සමහර විට බියක් ඇතිවුණි. ඒ ඔවුන්ගේ ආයෝජන වලට කුමක්වේද කියාය.
ඔවුන්ගේ ජීවිත උන්වහන්සේ තුළ ආයෝජනය කරන අයට විශ්මිත ලාභයක් ලැබෙන බව යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට කීවෝය.…
විශාල විශ්මයක්
මාගේ ජීවිතය නාර්ය බහුලය. වෙහෙසකරය. මම එක් වැඩකින් තව වැඩකට දුවමි. නිවසට පැමිණෙන ගමන් දුරකථන ඇමතුම් දෙමින් මාගේ දීර්ඝ ලැයිස්තුවේ කළ යුතු දේවල් එකිනෙක බලන්නෙමි. එක් ඉරිදාවක අධික වෙහෙසින් අපගේ ගෙය පිටුපස ඉඩමේ තිබෙන පැද්දෙන බංකුව මත මම ඇද වැටුණෙමි. මාගේ දුරකථනය නිවස තුළය. මාගේ ස්වාමිපුරුෂයා සහ දරුවෝද නිවස තුළය. මුලදී මා විනාඩි දෙක තුනක් එසේ සිටීමට සැළසුම් කළෙමි. නමුත්…
නැවත දෙනු ලබයි
2003 දී මෝර්මන් පළඟැටියන් වගා වලට කළ විනාශය ඩොලර් මිලියන 25 කටත් වැඩිය. පළඟැටියන් කෙතරම් පැමිණියාද කිවහොත් උන් එකෙක්වත් නොපෑගී අඩියක්වත් තැබීමට සෙනගට නොහැකි විය. තණකොළ පෙත්තන් මෙන් පෙණුනු එම කෘමියා 1848 විශාල හානියක් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. අඟල් 2 ක් හෝ 3 ක් දිග එක් කෘමියෙකු පුදුමාකාර ලෙස තම ජීවිතය තුළ රාත්තල් 38 ක ද්‍රව්‍ය කා දමන්නේය. ගොවියාගේ…
ඇස් තදින් වසාගෙන
එය නොකළ යුතු බව ඔහු දැන සිටියේය. එය වැරදි බව මගේ ඥාති පුත්‍රයා දැන සිටි බව මට හොඳට පැහැදිළිය. එය ඔහුගේ මුහුණ පුරා ලියැවී තිබුණි. මා ඔහුගේ වරද පැහැදිළි කිරීමට වාඩිවූ විට ඔහු තම ඇස් තදින් වසා ගත්තේය. ඔහු එහි වාඩිවී ඔහුගේ වසර තුනක තර්ක ශාස්ත්‍රයෙන් කල්පනා කළේ ඔහුට මාව නොපෙනේ නම් මටත් ඔහුව නොපෙනෙන බවයි. එසේම මම ඔහුට පෙනේ…
බහුලත්වයේදී හෝ පීඩාවේදී
"තෑගි දහසක්" නැමැති වොස්කෑමිප්ගේ පොතහෙි ඇය පාඨකයන් උනන්දු කරන්නේ ස්වාමින්වහන්සේ ඔවුන්ට කර ඇති දේවල් දිනපතා සොයා ලබන ලෙසය. එම පොතෙහි දෙවියන්වහන්සේගේ පූර්ණ බහුලත්වයෙන් ඇයගේ ජීවිතයේ කර ඇති කුඩා සහ විශාල දේවල් ඇය සඳහන් කරයි. පිඟන් සෝදන විට නැගෙන වෛවර්ණ ජල බුබුළුවල අලංකාරයේ සිට ඇය වැනි (අප වැනි) පව්කාරයන් ගැළවීම දක්වා දේවලට ඇය ස්තුති කරන්නීය. ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවල පවා දෙවියන්වහන්සේ…
ඔසවන්නාවූ හස්තයක්
ශීත සෘතුවේදී මාගේ දරුවෝ පසුපස ඉඩමේ අයිස් මත ලිස්සා යෑමෙන් ප්‍රීති වෙති. කුඩා කාලයේ අයිස් මත ලිස්සා යාම පුහුණු වීම අභියෝගාත්මකය. තද අයිස් මත පාද තැබීමට ඉගැන්වීම අසීරුය. ඊට හේතුව වැටීමේ වේදනාව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ගේ පාද ලිස්සා යන සැම විටම මගේ ස්වාමිපුරුෂයා හෝ මම ඔවුන්ට නැගිටීමට උපකාර කරන්නෙමු.
වැටෙන විට අපව නැගිටුවීමට යමෙක් සිටීම දේශනාකාරයා දී ඇති චිත්‍රයයි. තවත්…
අපට තිබෙන දෙය
මාගේ මිතුරියක් උත්සව සමයේ භෝජනයකට ඇයගේ පවුලේ අයත් මිතුරනුත් තම නිවසට එකතු කිරීමට උනන්දුවෙන් සිටියාය. සෑම මිතුරෙකුම පැමිණීමට කැමැත්තෙන් සිටියේය. වියදම අඩු කිරීමට ඔවුන්ද පංගුකාර වීමට පොරොන්දු වූහ. සමහරු පාන්ද, සමහරු සැලඩ් හෝ ව්‍යාංජනයක් හෝ ගෙන ඒමට තීරණය කළෝය. එක් මිතුරියකට ගෙන ඒමට මුදල් නොතිබුණු නිසා නිවස පවිත්‍ර කිරීමට ඇය පොරොන්දු වූවාය.
ඇය හිස් අතින් පැමිණියත් ඇයව ඔවුන් පිළිගනු ඇත.…
දිරිමත් කිරීමට බැඳී ඉන්නෙමු
ස්ටීවන් තොම්සන් ස්මාරක පත්තෑයා යනු අනිත් තරඟවලට වඩා බොහෝ වෙනස් රට හරහා දිවීමකි. සාමාජිකයන් 7 දෙනෙක්ගෙන් යුත් එක් එක් කණ්ඩායම් ඒකකයක් ලෙස දුවති. සැතපුම් තුනේ තරඟය තුළ ඔවුන් සැතපුම් දෙකක්ම හත් දෙනාම කඹයක් අල්ලා ගෙන දුවති. දෙවන සැතපුමේදී කඹය අතහැර තනි තනිව දුවති. ඒ හෙයින් එකිනෙකාගේ වේලාව කණ්ඩායම ගත කළ වේලාවට අමතරව ඔහු/ඇය ගත කළ කාලය වේ.
මෙම වසරේදී මීට…
වට්ටක්කා ගෙඩියක් තුළ නිධානයක්
තරුණ මවක් ලෙස මාගේ දියණියගේ පළමු වසරේ විස්තර සටහන් කිරීමට මම අධිෂ්ඨාන කර ගතිමි. සෑම මාසයකම ඇය වෙනස් වී වර්ධනය වන ආකාරය පෙන්වීමට ඡායාරූප ගතිමි. මා ඉතා ආශා කරන එක් ඡායාරූපයක ඇය වට්ටක්කා ගෙඩියක් තුළ සිනහවී ගෙන සිටින්නීය. මම එම වට්ටක්කා ගෙඩිය ගමේ ගොවියෙකුගෙන් මිළයට ගත් එකක් විය. ඇය එය තුළ වාඩිවී සිටියාය. මගේ සිතෙහි ආශාව විශාල වට්ක්කා ගෙඩිය තුළ…